ජාත්‍යන්තරය ලංකාවට කදුළු ගෑස් තහනම් කරයි...
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වන ස්විට්සර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ විසින් විරෝදතා මර්දනය කිරීම සදහා භාවිත කරනු ලබන කඳුලු ගෑස් නවතා දමන ලෙස ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.
ලංකාව තුල පවතින මෙම විරෝධතා මර්දනයට යොදන කඳුලු ගෑස් සහිත උණ්ඩ ඇස්වලට හානිදායක විෂ රසායනික ද්‍රව්‍යයක් සහිත දෙයක් බවයි කවුන්සිලය දැනුම්දී ඇත්තේ.
එමෙන්ම මෙරට පොලිසියට කඳුලු ගෑස් අලෙවි කිරීම සිදු කර ඇත්තේ ද බටහිර රාජ්‍යයන් විසින් බවට ද අනාවරණ වී තිබෙනවා.
මෙරට තුළ ඇති වන විරෝධතා මැඩලීමට සෑම අවස්ථාවකදීම අවම බලය යැයි පවසා කඳුලු ගෑස් ප්‍රහාර විරෝධතාකරුවන්ට එල්ල කිරීමට පොලිසිය ක්‍රියා කරනවා.
මෙම කදුළු ගෑස් ගෑස් වැදුණු පසු දෑස් හැර ගැනීමට නොහැකිව ඇද වැටෙන අවස්ථා, ක්ලාන්තව රෝහල්ගත කරන අවස්ථාව ද බොහෝ විට වාර්තා වී තිබෙනවා.
එවන් තත්ත්වයක් තුළයි ජාත්‍යන්තරයෙන් මෙරට තුළ කඳුලු ගෑස් භාවිත කිරීම තහනම් කිරීමට දැනුම්දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |