විරෝධතාකරුවන්ට අධිකරණයෙන් හදිස්සි නියෝගයක්..!

Sri Lanka Inter University Students Federation
By Sewvandhi Jan 16, 2023 09:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වන උද්ඝෝෂකයින් වෙත  නියෝගයක් නිකුත් කර තිබේ.

උද්ඝෝෂකයින්ට යුනියන් පෙදෙස මාර්ගය ඔස්සේ පැමිණ ගාලුමුවදොර දෙසට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය ලබාදී ඇත.

කෙසේ වෙතත් අධිකරණය එම නියෝගය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ ගාලුමුවදොරට ඇතුලුවීමකින් තොරව උද්ඝෝෂකයින් විසින් සංවිධානය කර ඇති විරෝධය සිදුකිරීමට එමගින් බාධාවක් සිදුනොවන බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha