වසර හතරකට පසු කැලයෙන් එළියට ආ එල්.ටී.ටී බුද්ධි අංශ සාමාජිකයා. (VIDEO)

By Wayomi Mar 10, 2023 06:48 AM GMT
Report

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු මඩකලපුවේ පට්ටිපලෙයි තණ්ඩමාලෙයි මහ කැළයේ ගල් ගුහාවක ජීවත් වෙමින් සිටියදී හමු වී තිබෙනවා.

ඔහු එම ගල් ගුහාවේ වසර හතරකට වැඩි කාලයක් ජීවත් සිට ඇති බවයි ප්‍රජාතත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසන්නේ.

ඔහු එහි දී වැඩි වශයෙන් කැලෑ පළතුරු අනුභව කරමින් ඔහු කල් ගෙවා ඇති බව‍යි සඳහන් වන්නේ.

එමෙන්ම අදාල පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේ දී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලද බවත් ඔහු මඩකලපුව පළාතේ බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවත් වාර්තා වෙනවා.

මීට වසර කිහිපයකට පෙර මොහු නිවසින් අතුරුදහන් වීමෙන් පසුව ඔහුගේ ඥාතින් විසින් ඔහු පිළිබදව සොයා බලා ඇතත් ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබී නොමැති අතර ඔවුන් ඔහු සෙවීම අත්හැර දමා තිබෙනවා.

මහ කැළයට ගිය පුද්ගලයෙකු ඔහුව දැක තොරතුරු හෙළි කිරීමෙන් පසුව ඔහුව ගිලන් රථයකින් මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්