කිසිම එන්නතක් නොගත් අයට බූස්ටර් එන්නත පමණක් ලබාගත හැකි ද ?(VIDEO)
By Sewvandhi
කොවිඩ් මර්දන පළමු සහ දෙවන එන්නත් මාත්‍රා ලබානොගත් අයට බූස්ටර් එන්නත පමණක් ලබාගත හැකිදැයි අද (19) පැවැති වැඩසටහනකදී ප්‍රශ්න කෙරුණි.
ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ කිසිම මාත්‍රාවක් නොගෙන ඉන්නවාට වඩා එක මාත්‍රාවක් හරි ලබාගැනීම ආරක්ෂාකාරී බවය.
"දත්ත අනුව කියන්න පුළුවන් කිසිම මාත්‍රාවක් නොගෙන ඉන්නවාට වඩා එක මාත්‍රාවක් හරි ගන්න එක හොඳයි කියලා. නමුත් ෆයිසර් එක මාත්‍රාවක් අරගෙන මදි වෙනවා. එතකොට දෙකම ගන්න වෙනවා ඒ අයට. මාත්‍රාවන් දෙකක් අරන් රෝගයත් හැදිලා තියෙනවා නම් එතනත් ආරක්ෂාවක් තියෙනවා. මං කියන්නේ ලෙඩේ හදාගන්න නෙමෙයි. එන්නත ගන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |