අත්අඩංගුවට පත් තුෂාර උපුල්දෙනිය ගැන මේ තොරතුරු දැනන් හිටියද

Report

 මූල්‍ය වංචා 30කට අධික නඩු සංඛ්‍යාවක විත්තිකරු ලෙස නම් කර සිටි අනුරාධපුර නගරයේ පිහිටි බැංකුවක කළමනාකාරවරයෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (ජූනි 09) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

ඒ අනුව, මෙම සිද්ධියේ වැඩි අවධානයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත යොමු වී තිබේ. මේ විදිහ හැමෝම කතා කරන ජෙනරාල් තුෂාර උපුල්දෙනිය කියන්නේ කවුද කියලා තමයි මේ කියන්න සූදානම.

පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ඇති තුෂාර උපුල්දෙණිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි. ඊට අමතරව, ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වේ. ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය ආරම්භ කළේ, 2001 වසරේදී ය.

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

එම වසරේදී ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූයේ, සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු වශයෙනි. බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි, ඔහු වැලිකඩ, බෝගම්බර, ගාල්ල, කෑගල්ල, කුරුවිට යන බන්ධනාගාරවල සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ලෙස සේවය කර තිබේ. ඉන්පසු, බන්ධනාගාර අධිකාරී තනතුරට උසස්වීමක් ලබා ඔහු එම තනතුරෙහි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මහර බන්ධනාගාරය සහ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය යන ආයතනවල සේවය කළේ ය. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුරට පත්වීමෙන් පසු ඔහු බන්ධනාගාර මූලස්ථානයේ සේවය කළේ ය.

පසුව, බන්ධනාගාර කොමසාරිස් තනතුරට උසස්වීම් ලබා බුද්ධි හා ආරක්ෂණ, මෙහෙයුම්, පාලන, සැපයුම් යන ක්ෂේත්‍ර භාර බන්ධනාගාර කොමසාරිස් ධූරයන්හි කටයුතු කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වෙයි.

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස

ඔහු කලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේ ය. ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයට පත් කරනු ලැබුවේ, 2020 වසරේදී ය. එම වසරේ ජූනි 08 වන දින ඔහු එම ධූරයෙහි වැඩ භාර ගත්තේ ය. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර 5ක කාලය සම්පූර්ණ වූයේ, පසුගිය ජූනි 08 වන දාට ය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඊට පසු දින ය.