බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි? - පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

Report

පාර්ලිමේන්තුව තුළ අද (17) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේ බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේද යන්න පිළිබඳව විපක්ෂයෙන් එල්ල වූ ප්‍රශ්නයත් සමගයි.

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි , බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ප්‍රශ්නයක් විමසමින්, බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් රටට රුපියල් බිලියන 8.4කට අධික අලාභයක් සිදුවී ඇති බව පෙන්වා දුන්නේය.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

ඒ අනුව, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේ කවදාද යන්න ඔහු සෘජුව විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ, එම ප්‍රශ්නය තමන්ට අදාල නොවන බවයි. එම ප්‍රකාශයත් සමඟ මැතිසභාව තුළ උණුසුම් වාද විවාදයක් ඇතිවිය.

එහිදී විපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වූ බවට වාර්තා වේ.

අනතුරුව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාද නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ යුනිට් තුන සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව ප්‍රශ්න කරමින්, අමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේ කවදාදැයි විමසා සිටියේය.

අද කැබිනට් තීරණ මෙන්න

අද කැබිනට් තීරණ මෙන්න

එම ප්‍රශ්නයටද පිළිතුරු ලබාදීමට අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යළිත් මැතිසභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.