එනනත්කරණයෙන් වැඩක් නෑ ? ප්‍රබලයෙකුගෙන් හෙළිදරව්වක්..

covid19 vaccines immunization delta variety Androo Polard
By Sewvandhi Aug 11, 2021 03:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ද ආසාදනය වන බැවින් සමූහ ප්‍රතිශක්තිකරණය (herd immunity) සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත නොහැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ අධ්‍යක්ෂ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මීළඟට ඇති වන කොරෝනාවෛරස් ප්‍රභේදය එන්නත ලබා ගත් පුද්ගලයින් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වනු ඇති බවට තමන් සැක පළ කරන බවය. එහෙයින් සමූහ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමේ අරමුණ ඇතිව එන්නත්කරණ වැඩසටහන් පවත්වාගෙන යාමෙන් ඵලක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් සඳහන් කළේ, නව ප්‍රභේදයක් ඇති වීම වැළැක්වීමට එක්සත් රාජධානියට කළ හැක්කක් නොමැති බවය. නව ප්‍රභේද ඇතිවීම වැළැක්වීම කෙරෙහි නොව රෝගීන් මිය යාම හෝ පුද්ගලයින් රෝහල්ගත වීම වැළැක්වීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම සතිය තුළ ලොව පුරා මරණ 65,000ක් පමණ වාර්තා විය හැකි බවත් ඒ හේතුවෙන් අද දවස ගැන සිතීම ඉතා වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. "අපිට දැන් එන්නත් මාත්‍රා බිලියන 4කට වඩා වැඩි සංඛ්‍යාවක් ලොව පුරා බෙදා හැරලා තියෙනවා, බොහෝ මරණ වළක්වා ගන්න ඒක උදව්වක් වේවි."

"Herd immunity is not a possibility" because the Delta variant "still infects vaccinated individuals".

Professor Sir Andrew Pollard, director of the Oxford Vaccine Group, says there is nothing "the UK can do to stop the emergence of new variants"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now