ජාත්‍යන්තරයට ලැයිස්තුවකින් ශ්‍රී ලංකාව ඉවතට.
By Sithumi
ලෝක බැංකුව විසින් ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
ලෝක බැංකුව විසින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවුණි.
ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි.
ආහාර උද්ධමනය 261%ක් වන ලෙබනන් රාජ්‍යය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසුවෙයි. දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ එම ප්‍රතිශතය 137%ක් ලෙස වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |