ගෑණුන්ට ගිය කලක් - බූරු පොළේ දැන් ගෑණු විතරයි ඔක්කොම පොලිස් දැලේ

Report

වාද්දූව ප්‍රදේශයේ ස්ථාන දෙකක මෙහෙයවූ විශාල පරිමාණයේ බූරු ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වාද්දූව පොලීසිය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

මෙම වැටලීම් සිදුකර ඇත්තේ වාද්දූව, දළදාවත්ත සහ හබරල ගහ ලන්ද යන ප්‍රදේශවලය. දළදාවත්ත ප්‍රදේශයෙන් කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකුත්, හබරල ගහ ලන්ද ප්‍රදේශයෙන් කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු 1 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

විශේෂත්වය වන්නේ, මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම් දෙකම මෙහෙයවූයේ කාන්තාවන් දෙදෙනෙකු විසින් බවයි.

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව රුපියල් 1,008,000ක්, කාඩ් කුට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිසිය විසින් සෙවී ඇත. වාද්දූව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක ප්‍රියදර්ශන විතානගේ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තුන් වසරක දරුවෙකු සමඟ සිටි මවක්ද අඩංගුවේ සිටින බවයි.

සැකකරුවන් සෙසු සැකකාරියන් සියල්ලෝම වාද්දුව සහ එම අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලබන්නේ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේය.