සිඟිති දියණියකගේ අභිරහස් මරණය.

Sri Lanka Police Mysterious Death
By Wayomi Apr 08, 2024 04:17 AM GMT
Wayomi

Wayomi

Report

ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4 මාස 7 ක් දැරියක් සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ මාලිගාවත්ත ලක් සෙවන මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කාන් හායිසා දැරියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවයි මාලිගාවත්ත පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු වන (මියගිය දැරියගේ පියා) අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවකු ගිවිසුමක් හරහා වෙනත් පාර්ශවයකට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර දැරිය හදා වඩා ගැනීමට භාරගත් 45 හැවිරිදි කාන්තාවක් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතාද වන බව සඳහන්.

Gallery
ReeCha