ඉන්දු පකිස්තාන සටන් විරාම දීර්ඝ කෙරේ

By Hashini May 16, 2025 06:37 AM GMT
Report

පාකිස්තානය හා ඉන්දියාව අතර ක්‍රියාත්මක වන සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කිරීමට එකඟ වී තිබෙනවා.

ඒ බව පාකිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කර සිටිනවා.

දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමටත්, දේශපාලන සංවාද මඟින් ඉදිරියට යාමට සැලසුම් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙන්න මේ දේ ළඟ තිබ්බොත් බඩුම තමයි

මෙන්න මේ දේ ළඟ තිබ්බොත් බඩුම තමයි

දෙරට අතර ප්‍රථම සටන් විරාමය මැයි 10 වනදා සිට මැයි 12 වන දින දක්වාත් පසුව එය මැයි 14 වනදා දක්වාත් ඉන් අනතුරුව මැයි 18 දක්වාත් දීර්ඝ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ මැයි 18 වනදායින් පසු දේශපාලන සාකච්ඡා ආරම්භ කරන බවයි.

කාශ්මීරයේ සිදුවූ වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් පාකිස්තානය් ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සිදු කරනු ලැබුවා.

ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටද පාකිස්තානය ද පියවර ගෙන තිබුණා. එයින් දෙරට අතර යුධමය තත්ත්වයක් ඇති වුණා.

මොකක්ද මේ අරන්ගමුව කියලා කියන්නේ ?

මොකක්ද මේ අරන්ගමුව කියලා කියන්නේ ?