මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න
2027 අයවැය යෝජනාවලට අනුව සෑම රාජ්‍ය සේවයක්ම ආවරණය වන පරිදි රාජ්‍ය සේවක මූලික වැටුප් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, ගුරු සේවයේ තුන සහ දෙක ශ්‍රේණිවල වැටුප 2024 වසරට වඩා රුපියල් 21,570කින් ඉහළ යන අතර ප්‍රතිශතයක් ලෙස එය 68.50%ක වැඩිවීමකි.
එමෙන්ම ගුරු තනතුරේ පළමු වන ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 2024 වසරට සාපේක්ෂව රුපියල් 41,810ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 73.65%ක වැටුප් වැඩිවීමක් ලෙස සටහන් වේ.
ගුරු උපදේශක පළමු ශ්‍රේණියේ වැටුප ද 2024 වසරට සාපේක්ෂව 61.38%කින් ලබන වසරේදී ඉහළ යනු ඇත. විදුහල්පති ශ්‍රේණියේ ද සැලකිය යුතු මට්ටමකින් වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදු වන අතර, විදුහල්පති තුන් වන ශ්‍රේණියේ වැටුප 2024 වසරට සාපේක්ෂව රුපියල් 30,105කින් සහ විදුහල්පති පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 45,395කින් ඉහළ යාමට නියමිතය.
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්හි ද සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබන වසරේ සිදුවන අතර, පළමු ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් සඳහා 2024 වසරට සාපේක්ෂව 75.02%ක වැටුප් වැඩිවීමක් හිමිවේ.
මීට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, හෙද නිලධාරී මෙන්ම පොලිස් සේවයේ ද ඉහළ ප්‍රතිශතයකින් ලබන වසරේදී වැටුප් ඉහළ නැංවේ.
එමෙන්ම කාර්යාල කාර්ය සහයක, රියදුරු, කළමනාකරණ සේවා නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ ද වැටුප ලබන වසරේදී ඉහළ යන බව ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව තහවුරු වේ.