තවත් රැල්ලක අවධානමක්..ඔක්තෝම්බර් 31 තෙක් මේ සියල්ල තහනම්..
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක වන කොරෝනා මර්දන නිරෝධායන නීති තවදුරටත් දීර්ඝ කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන ඔක්තෝම්බර් 31 වැනිදා තෙක් සියලුම ආගමික, දේශපාලන හෝ සංස්කෘතික උත්සව සඳහා ජනයා ඒකරාශි වීම තහනම් වන බව ඔහු නිවේදනය කළා.
තමිල්නාඩුවේ ස්ටාලින් පරිපාලනය පෙන්වා දෙන්නේ එවැනි උත්සව තුළින් කොරෝනා වෛරස ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බවයි.
විශේෂයෙන් යාබද කේරල ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය මෙන්ම, එහි මාරාන්තික නිපා වෛරසය යළි නැගී සිටීම ද තමිල්නාඩුව මෙලෙස තවදුරටත් වසා දැමීමට හේතුවක්.
එමෙන්ම, ඉන්දීය මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි මේ මස අවසානයේ හෝ ලබන මාසයේ ඉන්දියාවේ 03 වන කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව ද තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |