ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කරයි...සියලූ සම්බන්ධතා නවතීද..?
ඉන්දීය රජය විසින්, ඩෙල්ෆ් ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
ඉන්ධිය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බවටයි.
ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය එහිදී අවධාරණය කර ඇති බව සඳහන්ය.
එමෙන්ම බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි අතර මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසා සිටිනවා.
අද (28) පෙරවරුවේ, ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනිඅවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලැබීමේ සිද්ධියක් වාර්තා විය. තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද සඳහන්.
,…………………………………………………………………
You may like this video 👇