ගාල්ලේ කාසියේ වාසිය ඉන්දියාවට [VIDEO]
By Malith Madushan
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (15) සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම් තරග 26ක් ජයගෙන තිබේ.
පළමුව පන්දු යැවූ කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත්තේ තරග 16කදීය. දෙපිලම තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණයකින් ආරම්භ කර ගැනීමේ අරමුණින් අද තරගයට එක්ව සිටී.