ලංකාවත් සලිත කළ ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට - සුනාමි අනතුරු ඇඟවීම් ගැනත් නැවත නිවේදනයක්

Report

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ ප්‍රධාන නගරය වන මවුමෙයාර් හි අද(15) අලුයම ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගත් අතර භූකම්පන තත්ත්වයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්වලින් යුත් පසුකම්පන 3ක්ද හටගෙන තිබූණේ එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරමින්.

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

කෙසේ වෙතත් බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර පසුව එය ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම හානියට පත් ගොඩනැගිලිවල සිරවී සිටින ඕනෑම අයෙකු මුදා ගැනීම සඳහා සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මවුමරේ හි කටයුතු කරමින් සිටියි.

එසේ වුවත් දුරස්ථ හා කඳුකර ප්‍රදේශයක් වන මෙම කලාපයේ විනාශයේ සම්පූර්ණ ප්‍රමාණය තක්සේරු කිරීමට කාලය ගතවනු ඇති අතර ඉන්දුනීසියාවේ BNPB ලෙස හඳුන්වන ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, මියගිය දෙදෙනා පිරිමියෙකු සහ කාන්තාවක් වන බව සඳහන්.  

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්