ජය පැරදුමේ සීතල තරඟයක් මැද්දේ ඉඳන් පෙම්වතියට කෙටි පණිවිඩ යවලා - ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වැඩ වරදී
තරඟයක් අතරතුර තම පෙම්වතියට කෙටි පණිවිඩ යැවීම නිසා තමිල්නාඩු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වසර දෙකක තහනමකින් බේරී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෑතකදී පැවති තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරඟයකදී ක්‍රීඩකයින් සහ තරඟ නිලධාරීන්ගේ ප්‍රදේශයේ ප්‍රොටෝකෝලය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි වමත් පිතිකරුවාට BCCI හි දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකය (ACSU) විසින් රුපියල් 100,000 ක දඩයක් නියම කර ඇත.
තරගය අතරතුර ක්‍රීඩකයා තම පෙම්වතියට කෙටි පණිවිඩ යැවීමට ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටියදී සොයා ගත් බව තමිල්නාඩු ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.
කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති අතර, තරඟයක් අතරතුර ක්‍රීඩකයින් සහ තරඟ නිලධාරීන්ගේ ප්‍රදේශය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති අතර එය ප්‍රොටෝකෝලය උල්ලංඝනය කිරීමක් වශයෙන් සලකයි.
එසේම පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් TNCA ක්‍රීඩකයාගේ අනන්‍යතාවය හෙළි කර නොමැති වුවත්, ඔහු ඉකුත් රංජි කුසලාන වාරයේදී තමිල්නාඩු කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් රැස් කළ වමත් පිතිකරුවෙකු බවට තහවුරු කර ඇත.
එම වාර්තාවට අනුව, බලධාරීන් මුලින් ක්‍රීඩකයාට වසර දෙකක තහනමක් පැනවීමට සලකා බලා ඇත.
එහෙත් වරදේ ස්වභාවය සහ කිසිදු දූෂණ චෝදනාවක් නොමැති වීම සැලකිල්ලට ගනිමින්, ක්‍රීඩකයාට අවසානයේ රුපියල් 100,000 ක දඩයක් නියම කර නිදහස් කර තිබෙනවා.