ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිකුත් කළ ශිරාන් බාසික් CCIBයට භාර දෙයි

Report

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.

ඒ අනුව එම සැකකරු සමඟ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

මොවුන් ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිකුත් කළ 48 හැවිරිදි දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබුණා.

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

එසේම සැකකරු ඉරාන - අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීමට භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ ඉකුත් මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ සැකකරුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් / හානියන් සිදු කිරීම යන චෝදනා ගොනුව පවතින බවයි.

එසේම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මඟින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳවද ඉදිරීයේදී විමර්ශන සිදු කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව