සමූපකාරයට මුදල් ගෙවලා තැන්පත් කරපු අයට සුබ ආරංචියක් - නව සමුපකාර පනත් කෙටුම්පතක්
මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණුකර ගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) දින කොළඹදී ආරම්භ කර තිබුණා.
එම වැඩමුළුවේ ආරම්භක දිනය ඇමතූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැනට පවතින සමූපකාර පනතේ නීතිමය අඩුපාඩු සපුරා ගනිමින් සමුපකාර ව්‍යාපාරය එක් ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.
එසේම අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින නීතිමය හිස්තැන් භාවිත කරමින් සිදුවන නීතිවිරෝධී ක්‍රියා හා වංචා වැළැක්වීම සහ මහජනතාව තැන්පත් කරන මුදල්වල සුරක්ෂිතතාව නීතිය මඟින් තහවුරු කිරීමට නව පනත කෙටුම්පත් කරන බවයි.
විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
එබැවින් නව පනත සම්පාදනයට වන සංකල්ප පත්‍රිකාව දැනටමත් සකස් කර ඇති අතර, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ, සමූපකාර කොමසාරිස්වරුන්ගේ සහ විෂය භාර නිලධාරීන්ගේ අත්දැකීම් හා යෝජනා ද ඊට ඇතුළත් කර ගනිමින් නීති කෙටුම්පත් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම මෙම වැඩමුළුවේ අරමුණ වී ඇත.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා කියා ඇත්තේ සමුපකාර ව්‍යාපාරය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින්, අනාගතයේදී සමුපකාර සමිති, බැංකු හා අනෙකුත් සමුපකාර කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි පරිසරයක් සැකසීම රජයේ මූලික අභිප්‍රාය බවයි.
අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
” අපි සැලකිය යුතු කාලයක් මේ පිළිබඳ සාකච්ඡා කරලා දැන් මේ ඇවිත් තිබෙන්නේ තීරණාත්මක මොහොතකට කිව්වොත් මම හිතන්නේ වැරදි නෑ. අපේ අරමුණ නව සමූපකාර නීතියක් සම්පාදනය කිරීමයි. අපේ අරමුණ කිව්වා මුල ඉඳන්ම. සමූපකාර ව්‍යාපාරය එක් කුළුණක් ලෙස ගොඩනැගීම තමයි අපේ ආණ්ඩුවේ අරමුණ. රාජ්‍ය, පෞද්ගලික වගේම සමූපකාර ව්‍යාපාරය ගොඩනැගීම. ඒ සමූපකාර ව්‍යාපාරය ගොඩනගද්දී දැන් සමූපකාර ව්‍යාපාරය ඇතුළේ සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. සදහටම හිරේ ඉන්න පුළුවන් සමහර සභාපතිවරු. ඒ තරමට හොරා කාලා. ඒ නිසා මේ නීති හදන්නෙ නිකන් නෙවෙයි. මේ සමූපකාරය විශ්වාස කරමින් සමූපකාරයට තමන්ගේ මුදල් ගෙවලා තැන්පත් කරපු මිනිස්සුන්ට සමූපකාරේ විශ්වාසය රකිනවා විතරක් නෙවෙයි මුදලත් දෙන්න ඕන. අපි වග කියන්න ඕන ඒකට. පවතින නීතිවල තියෙන අඩුපාඩු සහ හිස්තැන් පාවිච්චි කරලා වැඩ කරද්දි ඉතිහාසය ඇතුළේ මොනවා වුණත්, මෙතනින් එහාටවත් මේක අපි ආරක්ෂා කරන්නන ඕන”
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සමුපකාර ලේකම්වරුන්, පළාත් කොමසාරිස්වරුන් ඇතුළු සමූපකාර නිලධාරීන් එක්ව සිටියා.