ඉන්දියාව එක්ක අපි දැන් යාළුයි.. ඒක තමයි දේශපාලනය කියන්නේ!

Janatha Vimukthi Peramuna India Sri Lanka Government Tilvin silva
By Shehan Apr 08, 2025 05:00 AM GMT
Shehan

Shehan

Report

වත්මන් ආණ්ඩුව ඉන්දියාවට රට පාවා දුන් බව පවසන ඕනෑම අයෙකුට එය ඔප්පු කරන ලෙස අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට ගොස් දෙරටටම ප්‍රයෝජනවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවත්, එහිදී ලැබුණු ආරාධනයකට අනුව ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණ තවත් එවැනිම දෙරටටම වාසිදායක ගිවිසුම්වලට අත්සන් කළ බවත් ඔහු සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

“ඉන්දියාවට ශ්‍රී ලංකාව දෙන්න හිටියේ තොග වශයෙන්. ඒක වෙනස් කළේ අපි,” යනුවෙන් ඒ මහතා පැවසීය.

අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට එරෙහිව සටන් කළ ද, දැන් ඉන්දියාව වෙනස් වී ඇති බැවින් තවදුරටත් වෛරයෙන් සිටිය යුතු නැති බව පවසමින්, “ප්‍රශ්නයක් ආවා. අපි ඒකට මුහුණ දුන්නා. දැන් ඒක ඉවරයි. දැන් අපි මිත්‍රශීලීව ඉන්න ඕනේ. ඒක තමයි දේශපාලනය කියන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කීවේය.

මෙම අදහස් ඔහු විසින් ජාතික ජන බලවේගයේ මැතිවරණ ජන හමුවකදී පළ කරන ලදී.

ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 20,000ක් ඉවත් කෙරේ.. ට්‍රම්ප් රජයේ ඊළඟ ක්‍රියාමාර්ගය මෙන්න!

ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 20,000ක් ඉවත් කෙරේ.. ට්‍රම්ප් රජයේ ඊළඟ ක්‍රියාමාර්ගය මෙන්න!

ReeCha