ඉන්දියාව නිසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සුබ වෙයි

Report

ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රධානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමා ඇත.

ඒ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් ලෙසයි.

බස්වල යන දකුණු පළාතේ අයට සුබ ආරංචියක්

බස්වල යන දකුණු පළාතේ අයට සුබ ආරංචියක්

යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි වෙනුවෙන් මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන සඳහා මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණා.

එසේ වුවත් මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමඟ එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔස්සේ වසරකට රුපියල් මිලියන 18කට අධික රජයේ මුදලක් ඉතිරි වනු ඇත.

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්