මිස­යිල නිෂ්පා­ද­න­යට ඊශ්‍රා­ය­ලය සහ ඉන්දි­යාව අතර අව­බෝ­ධතා ගිවි­සු­මක්

By Kanchana Nov 13, 2025 05:48 AM GMT
Report

 ඉන්දි­යාව තුළ ඊශ්‍රා­ය­ලයේ ලෝරා බැල­ස්ටික් මිස­යිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිස­යිල නිෂ්පා­ද­නය කිරීම සඳහා දෙරටේ ආර­ක්ෂක ප්‍රධා­නීන් අතර අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් කර තිබේ.

ඊශ්‍රා­ය­ල අභ්‍ය­ව­කාශ නිෂ්පා­දන සමා­ගමේ බල­ප­ත්‍රය යටතේ ඉන්දි­යාව තුළ එම මිස­යිල නිෂ්පා­ද­නය සඳහා වන අව­බෝ­ධතා ගිවි­සුම ඊශ්‍රා­යල ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රාල් අමීර් බරාම් සහ ඉන්දීය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අතර අත්සන් තබා ඇත .

එම සාක­ච්ඡාව සඳහා ඉන්දීය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ නියෝ­ජි­ත­යන් පිරි­සක් එක් විය ඒ වගේම ඔවුන් ඊශ්‍රා­ය­ලයේ සංචා­රයකටද එක්ව තිබේ ඊශ්‍රා­ය­ලයේ විශා­ල­තම ආර­ක්ෂක නිෂ්පා­දන          ගැනු­ම්කරු වන ඉන්දි­යාව වසර 2020 සිට 2024 දක්වා කාලය ඇතු­ළත ඊශ්‍රා­ය­ලයේ ආර­ක්ෂක උප­ක­රණ නිෂ්පා­ද­න­යෙන් 34%ක් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

තවද මෙම අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කිරී­මෙන් පසු ඊශ්‍රා­යල ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ ඒ වගේම දෙරට අතර ආර­ක්ෂක, තාක්ෂ­ණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ­යෝ­ගීතාව ඉදි­රි­යේදී ද අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යාමට අද­හස් කරන බවයි .

ස්වාමිනි,ඔහුට පැය හතරකට වරක් කෑම අත්‍යවශ්‍යයි ප්‍රෝටින් පවුඩර් සමග නැත්නම් කෝමා වෙනවා - ප්‍රසන්නට ඇප ගන්න කියපු දේ මෙන්න

ස්වාමිනි,ඔහුට පැය හතරකට වරක් කෑම අත්‍යවශ්‍යයි ප්‍රෝටින් පවුඩර් සමග නැත්නම් කෝමා වෙනවා - ප්‍රසන්නට ඇප ගන්න කියපු දේ මෙන්න

ලොකු පැටීගේ ගෝලයෝ දෙන්නෙක් මාට්ටු

ලොකු පැටීගේ ගෝලයෝ දෙන්නෙක් මාට්ටු