ලෝක කුසලානය අතරතුර ඉන්දියාව විශාල ගැටලුවක.

India ICC World Cup 2023
By Wayomi Nov 06, 2023 10:07 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන් පන්සීය ගුණයක් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මීට පෙර ද ඉන්දියාවේ නවදිල්ලි අගනගරය අවස්ථා රැසකදී ලොව වඩාත් ඉහළම වායු දූෂණයක් ඇති නගර අතරට එක්වුණා.

මේ හේතුවෙන් අගනුවර පිහිටි ප්‍රාථමික පාසල් සියල්ල 10 වනදා දක්වා වසා දැමීමට දිල්ලි බලධාරීන් පියවර ගැනුණා.

දිල්ලි ආසන්න පන්ජාබ් සහ හර්යානා වැනි ප්‍රාන්තවල අස්වනු නෙලීමෙන් පසු ඒවායේ පිදුරු දහනය ඇතුළු කරුණු කිහිපයක් මෙම තත්ත්වයට හේතුවන බවයි වාර්තා වන්නේ.  

ReeCha