ඉන්දියාව මහා පරිමාණයෙන් නවීන යුධ ආයුධ මිලදී ගනී - ලෝකයම යුද්ධයකට සූදානම් වෙයි
By Ashfa
ඉන්දීය ආරක්ෂක හමුදා සඳහා රුපියල් ට්රිලියන 2.12ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 22.27ක්) වටිනා නවීන ආයුධ සහ තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිව ඇත.
ඉන්දීය ජනමාධ්ය වාර්තා කළේ, එරට ආරක්ෂක අමාත්යාංශය විසින් ඉන්දියානු ආරක්ෂක අත්පත් කර ගැනීමේ මණ්ඩලය ඒ සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලබා දුන් බව නිවේදනය කළ බවයි.
න්යෂ්ටික බෝම්බ පිපිරීමක් ගැන ඉඟියක්? අද දින තීරණාත්මකයි - ට්රම්ප්ට යන්න තව අවුරුදු දෙකයි ඊට කලින් අපිට අවශ්ය දේවල් ඉටුකරගත යුතුයි
මෙම අනුමැතිය යටතේ ඉතා කෙටි දුර ගුවන් ආරක්ෂක පද්ධති, ඩ්රෝන නාශක පද්ධති, නිරීක්ෂණ සහ ප්රහාරක පද්ධති මෙන්ම දිගු දුර කැමිකාසි ඩ්රෝන ඇතුළු අතිනවීන මෙහෙයුම් උපකරණ රැසක් මිලදී ගැනීමට නියමිත බව අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.