දෙමාපියනි ඔබේ නව යොවුන් දරුවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න..මෙන්න හේතුව..

World Aids Day Sri Lanka HIV Symptoms
By Piyumika Jul 20, 2024 04:18 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසා සිටී.

එහි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළේ වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 3,169 ක් බවය.

සෞඛ්‍ය අංශ තහනමක් සම්බන්ධයෙන් ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

සෞඛ්‍ය අංශ තහනමක් සම්බන්ධයෙන් ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

එච්.අයි.වී රෝගය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2022 වර්ෂයේ දී 607 ලෙස වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම සියයට 14 ක වර්ධනයක් ඇති බව ඇය පැවසීය. මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින්ය.

මේ අතර 15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ වැඩිදුරටත් සඳහන් කළාය.