බස් ගාස්තුව රුපියල් 20කින් වැඩි කරයි?..

Sri Lanka Bus fare Gemunu wijerathne
By Aruna Dec 02, 2021 04:51 AM GMT
Aruna

Aruna

Report

බස් ගාස්තු සංශෝධනයක් කිරීම සඳහා අවසර ඉල්ලීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සුදානම් වනවා.

ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් විය යුතු බවට එම සංගමය තීරණය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යංශයට එම යෝජනා ලබන සතියේ යොමු කරන බවයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now