වැස්සත් එක්ක රෝග දෙකක අවදානම් තත්ත්වයක් - මේ ගැනත් අවදානයෙන් පසුවන්න.

Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By krishani May 17, 2023 01:04 AM GMT
krishani

krishani

Report

පවතින වැසි තත්ත්වයත් සමගින්  ඩෙංගු සහ මී උණ රෝග තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 22ක් වේ.

අදාළ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයකින් ඩෙංගු කීටයින් හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සඳහන් කළ අතර එහිදී දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය පියවර ගනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha