ඉතිහාසයේ පළමු වතාවට ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස ඉන්චියොන් වාර්තා අතරට

Report

ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ බවට දකුණු කොරියාවේ ප්‍රධානතම ගුවන්තොටුපොළ වන ඉන්චියොන් ගුවන්තොටුපොළ පත්ව ඇත

ඉන්චියොන් ගුවන්තොටුපොළ එම ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙය  වේ

 සංඛ්‍යාලේඛණවලට අනුව මෙතෙක් එම ස්ථානයේ පසු වූ ලන්ඩන්හි හීත්‍රෝ ගුවන්තොටුපොළ දෙවන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වී තිබේ

ඉන්චියොන් ගුවන්තොටුපොළ මේ වසරේ ගත වූ මාස 6 තුළ මගීන් මිලියන 38යි දශම 4කට පහසුකම් සපයා ඇති බව සඳහන් වෙයි.

යුද ගැටුම් හමුවේ මැදපෙරදිග ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාල වීම එම ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙලෙස ඉහළයාමට හේතුවී තිබේ

මේ වසරේ ගත වූ මාස 6 තුළ හීත්‍රෝ ගුවන්තොටුපොළ මගීන් මිලියන 37යි දශම 7යි 9කට පහසුකම් සැපයා තිබේ.

  ඒ වගේම සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළ ගතවූ මාස 6 තුළ මගීන් මිලියන 34යි දශම 5යි 3කට පහසුකම් සපයමින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ අතර තෙවන ස්ථානයට පත්ව ඇත