අද රජයේ පිරිසක් ලෙඩ නිවාඩු දමා ගෙදර නවතියි..
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (17) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රටපුරා දිස්ත්‍රික් කාර්යාල දහසයේම නිලධාරීන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේ.
මේ අතර මහියංගනය ලංගම ඩිපෝ සේවකයින් බස්රථ ධාවනයෙන් ඊයේ සිට ඉවත් වී තිබෙනවා.
ඒ, මහියංගනය සිට කන්දකැටිය, ගලඋඩ ප්‍රදේශය වෙත ධාවනය කළ ලංගම බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට රිදීමාලියද්ද, ආඳාඋල්පොත මංසන්ධියේදී කිසියම් පිරිසක් පහර දීම හේතුවෙන්.
මෙම පහරදීම සිදු කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මහියංගනය ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය බස්රථ ධාවනයෙන් ඉවත් වී ඊයේ දිනයේ විරෝධතාවයක ද නිරත වුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |