මාස 5ක ගැබිණියක් වූ දියණිය - තමන්ගේ දියණිය දූෂණය කළ සැකකරු බේරගන්න මවක් සිදුකළ දේ..

Sri Lanka
By krishani Oct 03, 2023 05:33 PM GMT
krishani

krishani

Report

මැල්සිරිපුර - දොඹගමුව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් අපයෝජනය කළ පුවතක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවාහකයෙකු වන අදාළ සැකකරු එදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

අද දිනයේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සැකකරුව අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ ය.

සැකකරු අපයෝජනයට ලක් වූ දැරියගේ පියාගේ මිත්‍රයෙකු වන අතර ඔහු දැරියගේ මව සමඟ ද අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

අපයෝජනයට ලක් වූ අදාළ දැරිය මේ වනවිට ගැබ්ගෙන ඇති අතර මේ වන විට මාස පහක දරු ගැබක් සමගින් ඇය මීගලෑව පරිවාස ළමා නිවාසයට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අධිකරණය විසින් සැකකරුට අද දිනයේ ඇප ලැබීමක් සිදුවහොත් එම ඇප මුදල් බැඳීමට දැරියගේ මව ද අධිකරණය වෙත පැමිණ සිටි බවට වාර්තා වේ.

ReeCha