ලෝකයම පුදුම කරමින් ඉම්රාන් ඛාන්ට දැඩි තහනමක් පනවයි..!
By Sewvandhi
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට සියලුම පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා සඳහා තහනමක් පනවා තිබේ.
ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් පසුව සිදුකළ වෛරී ප්‍රකාශන හේතුවෙනි.
පාකිස්තාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් ඉම්රාන් ඛාන් ගේ වෛරී ප්‍රකාශන හේතුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අගතියක් සහ මහජන සාමයට බාධාවක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඔහුගේ වත්කම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමට නොපැමීණීම හේතුවෙන් පාකිස්තාන අධිකරණයක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |