අවුරුදු සමයේ ජනතාවට මෙන්න සතුටු පණිවුඩයක්... භාණ්ඩ හිගයත් නැතිවෙන ලකුණු...
Importers Association
Gagana news
Ministry of Trade
Imported Indian rice
Bhadrani Jayawardena
Secretary to the Ministry of Trade
By Subodha
ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද (11)දිනයේ මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.
සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බව ද, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරිය පැවසුවා ය.
මේ අතර, අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැර ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ , කෙසේ වෙතත් කිරිපිටි පමණක් සුළු හිඟයක් පැවැතිය හැකි බවය.
ඉදිරියේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ යා හැකි බව ද ඔහු පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |