මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව සහ ජීවන වියදම් අඩු කිරීමට ගත් තීරණ

By Sithumi Nov 12, 2021 12:10 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

"මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා. 

කුඩාම පළාත් පාලන ආයතනය ඒකකය තමයි මෙහි කොට්ඨාසය. කොට්ඨාස 4,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ඨාසයකට ම මිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් වෙන් කරනවා " 

 මේ අතර සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ට ම සිය කොට්ඨාසය තුළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය අයවැයෙන් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ. ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ටම රුපියල් මිලියන 15 බැගින් රුපියල් බිලියන 3,375ක මුදලක් සංවර්ධන මුල්‍ය ප්‍රතිපාදන ලෙස හිමි වේ.

ජීවන වියදමේ පීඩනය සැහැල්ලු කිරීමට මෙවර අයවැයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථිකව දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් හඳුනාගෙන ඔවුන් සඳහා සහන මල්ලක් ලබාදීමට යෝජනා වී ඇත. 

 එය ක්‍රියාත්මක කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 15,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. මේ අතර, ගැබිනි මාතාවන් ට මාස 10ක් දක්වා ලබාදෙන රු 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් එනම් වසර දෙකක් දක්වා දීර්ඝ කර අඛණ්ඩව ලබාදීමට යෝජනා කර ඇත. එම වැඩසටහන සඳහා දැනට වෙන්කර ඇති රුපියල් මිලියන 4,000ක ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha