වාහනයක් ගන්න ද හීන මැව්වේ?. වාහන ගැන රටටම සුබ පණිවිඩයක් මෙන්න..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

වාහනයක් ගන්න ද හීන මැව්වේ?. වාහන ගැන රටටම සුබ පණිවිඩයක් මෙන්න.. | Import Of Vehicles In Sri Lanka

ඒ ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු සඳහා වසරක් පැරණි වාහන ආනයනය කිරීමට ඉඩ සැලසෙන පරිදි ලිහිල් කළ බවයි.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය තුළ පනවා තිබූ වාහන ආනයන තහනම විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා පියවරෙන් පියවර ලිහිල් කළ බවයි.

රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකගේ හීන හැබෑ වෙයි - සුබ පණිවිඩයක් මෙන්න.. (PHOTOS)

රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකගේ හීන හැබෑ වෙයි - සුබ පණිවිඩයක් මෙන්න.. (PHOTOS)


තව ද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා වන වාහන ආනයනය සඳහා පසුගියදා ආනයන තහනම ලිහිල් කළ බවත් සංචාරක කටයුතු සඳහා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

ආසන 6-15 (විදුලි හා දෙමුහුන්) සහිත වෑන් රථ 750ක් සහ කුඩා බස් රථ සහ විශාල බස් රථ සඳහා ආසන 16-30 අතර ආසන ධාරිතාවක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..


එමෙන්ම, කිසිදු විශේෂ බදු සහනයක් නොමැතිව මෙම වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවත් සාමාන්‍ය බදු ගෙවීමට යටත් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.