අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..
ආනයනික නවීන වාහන මිල ගණන් ඉකුත් 2020 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවෝ කියා සිටී.
ඒ රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, වාහන සඳහා අය කරන ඉහළ බදු ආදී කරුණු හේතුවෙන් ය.
වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...
ඒ අනුව ඔවුන් සදහන් කරන්නේ ජපානයේ ටොයෝටා සමාගම විසින් නිපදවන ලද බස් රථයක් මෙරටට ආනයනය කිරීමෙන් පසුව අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකකට වැඩි මිලකට බව යි.
2020 වසරේ දී ටොයෝටා සමාගම විසින් රුපියල් ලක්ෂ 70 කට අලෙවි කරන ලද බස් රථයක මිල වර්තමානයේ දී රුපියල් කෝටි දෙක ඉක්මවා ඉහළ ගොස් ඇතැයිද වාහන ආනයනකරුවෝ පෙන්වා දෙයි.
වාහන ආනයනයට අදාළව කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන, සංචාරක කටයුතු ආදී ක්ෂේත්‍ර සඳහා යොදා ගන්නා වාහනවලට පමණක් වේ.
පුද්ගලික වාහන ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන වසරේ (2025) ජනවාරි මස මැද සතියේ දී පමණ ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග මගින් සදහන් වේ.
එම අනුමැතිය ලැබීමෙන් පසුව පුද්ගලික වාහන ආනයනයට අදාළව කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ වන විට රුපියල අවප්‍රමාණය වී ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් වාහන ආනයනයේදී වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද වාහන ආනයනකරුවන් කියා සිටි.
මේ හේතුව මත ද වාහන ආනයන ගාස්තු ඉහළ යන බව ඔවුන් සදහන් කරයි.
එමෙන්ම, ජපානයේ වාහන වෙන්දේසිවල ද වාහන මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බැවින් ජපානයේ භාවිත කළ සහ එකලස් කරන ලද වාහන අතර මිලෙහි විශාල පරතරයක් නොමැති බවද වාහන ආනයනකරුවෝ සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජපානයේ ටොයෝටා සමාගමේ නිෂ්පාදිත නව බස් රථ ලබන වසරේ (2025) ජනවාරි මස අග වන විට දී මෙරට වාහන වෙළෙඳපොළට ලැබීමට නියමිත බව ද වාර්තා වේ.
You May Like This Video👇
.