ඉවසිලිමත්කම නොමැති වීමෙන් කාන්තාවකගේ යතුරුපැදිය දුම්රියේ ගැටෙයි
වවුනියාව, තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී දුම්රිය සංඥා නොතකා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ කාන්තාවකගේ යතුරුපැදිය දුම්රියේ ගැටී අද (27) දහවල් අනතුරක් සිදුව ඇත.
මෙම කාන්තාව සංඥා නොතකා දුම්රිය මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ .
එම අවස්ථාවේදී යාපනයේ සිට වවුනියාව දෙසට ධාවනය වූ දුම්රියේ යතුරුපැදිය ගැටී තිබේ කෙසේ වෙතත්, ඇය එම අවස්ථාවේදී යතුරුපැදියෙන් ඉවතට විසිවීම හේතුවෙන් ඉතා වාසනාවන්ත ලෙස දිවි බේරා ගැනීමට සමත්ව තිබේ .
මෙම අනතුරින් තුවාල ලැබූ ඇය මේ වන විට වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ගත කර ඇත්තේ කිඩාසූරි, ශාස්ත්‍රීකුලංගුලම් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඇල්ෆ්‍රඩ් ජෙයරාජ් තිලකවතී නමැති කාන්තාවකි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරන ලද අතිශය භයානක දර්ශන මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී .
තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.