මේ වැඩ 13 කරන්න IMF සහය ලැබෙයි.

Sri Lanka Economic Crisis World Bank IMF Sri Lanka
By Wayomi Nov 12, 2022 07:44 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට කරුණු 13ක් යටතේ තාක්ෂණික සහාය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේයි.

එම කරුණු 13 නම්,මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය වැඩිකිරීම, යහපත් මූල්‍ය කළමනාකරණය, බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් ඇති කිරීම, වියදම් කළමනාකරණය, වංචාව දුෂණය ඉවත් කිරීම, මහබැංකුව දෙන මුදල් මත යැපෙන රාජ්‍ය ආයතන අවම කිරීම, රාජ්‍ය ආයතන පද්ධති තුළ අවදානම් අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යහගත කිරීම, ආනයන - අපනයන තීරුබදු වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රය පොසිල ඉන්ධනවලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම හා රාජ්‍ය ආධාර සැබවින්ම අවශ්‍ය ජනකොටස් හදුනා ගැනීම යනාදී යයි.

මෙහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව තාක්ෂණික සහාය මෙන්ම අය වැය යෝජනා සම්පාදනයට ද සහාය දෙන බවට ද ඔවුන් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඉදිරියේ පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මෙරට මූල්‍ය කළමනාකාරීත්වයට අදාළ කරුණු කිහිපයක් වෙනුවෙන් සහායවීමට ද ඔවුන් එකඟතාවය පළ කර තිබෙනවා.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW