IMF යෝජනා ගැන රාජ්‍ය ඇමතිගෙන් විශේශ ප්‍රකාශයක්

By Sithumi Nov 08, 2022 12:26 PM GMT
Sithumi

Sithumi

Report

IMF වෙතින් විසින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

 නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවා. 

 රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා හෝ රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පහසුකම් සඳහා හෝ මුදල් අයකළ යුතු බවට කිසිදු යෝජනාවක් IMF වෙතින් සිදුකර නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.