මෙන්න සුබ ආරංචියක්. - සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ.- ජනාධිපති උපදේශකගෙන් විශේෂ ප්‍රකාශයක්.

Anura Kumara Dissanayaka IMF Sri Lanka AKD
By Wayomi Oct 14, 2024 07:24 AM GMT
Wayomi

Wayomi

Report

ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතාව හිමිව ඇති බව ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කරනවා

ඒ, අනුව ඊට අදාළ යෝජනා ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පේනවා දෙන්නේ.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


මහාචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන ඉහළ නැංවීම වත්මන් රජයේ මූලික අරමුණ බවයි.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරද්දි පැහැදිලි කරමින් සිටියා අපේ රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනයට හරවන්න නම් රටේ මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙන දේ අරන් දෙන්න ඕනේ. ගොවියාට පොහොර ටික ලැබෙන්න ඕනේ. ධීවරයාට ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න යන්න පුළුවන් සහන ටික ලැබෙන්න ඕනේ. අන්න ඒ පරමාර්ථයෙන් අපි සහන වැඩි කරනවා කියන එකට ඇත්තටම මූල්‍ය අරමුදලත් විරුද්ධ වුණේ නෑ. එගොල්ලන් කිව්වේ ඔබගේ වැඩසටහන් අරගෙන එන්න, ඉදිරිපත් කරන්න. මුදල් සොයාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සම්බන්ධවෙලා ඉන්න තවත් ආයතන තියෙනවා. ඒ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව තවත් ආයතන. අපි වේගයෙන් උත්සාහ කරනවා ක්ෂණිකව ආධාර සහන ලබා දෙන ගමන්ම ඒ ජනතාව සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධකර ගන්න."   

රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි. - හැබැයි මහා මැතිවරණයෙන් පසු සිදු වන්නේ මෙහෙමයි.

රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි. - හැබැයි මහා මැතිවරණයෙන් පසු සිදු වන්නේ මෙහෙමයි.