ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සතුටුදායක ආරංචියක්..
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
IMF Sri Lanka
Economy of Sri Lanka
By Aruna
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජුලී කොසැක් ප්‍රකාශ කර තිබේ.
විශේෂයෙන් බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් කියා සිටියා.
එම අරමුදලේ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිත අතර, එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.