ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ගැන විශේෂ පනිවුඩයක්..

Central Bank of Sri Lanka Sri Lanka IMF Sri Lanka
By Aruna Jul 13, 2023 02:38 AM GMT
Aruna

Aruna

Report

ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් IMF වර්තමාන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු ක්‍රමවේදයක් සඳහා OECD සහ G20 වෙත කාලරාමු එකඟතාවයක් සඳහා නිර්දේශ ඉදිරිපත් නොකළ බවයි.

මූල්‍ය අරමුදල මෙම ප්‍රකාශ නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා බද්ධ සම්බන්දයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා සහ විමසීම් වලට ප්‍රතිචාර ලෙසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ, විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ ඉදිරි පළමු සමාලෝචනය සැත්තැම්බර් මාසයේ පැවැත්වෙන අතර එහිදී ඩිජිටල් සේවා බද්ධක් හදුන්වා දීමේ ප්‍රතිලාභ සහ අභියෝග සළකා බැලිය හැකි බවයි.