IMF එක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණයක් ගනී...
ආර්ථික අර්බුදයෙන් පිඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් අතර මුලික එකඟතාවයකට එළඹ ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් අතර මෙම එකඟතාවය එළඹ ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කර සිටින්නේ.
දශක 07ක ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 03ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් සිදුකර තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ රාත්‍රියේ දී මුලික කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ජා සිදුකර ඇති අතර එහිදී ඒ සම්බන්ධයෙන් එකඟතාවයට එළඹ ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |