ඉමා අත්අඩංගුවට.

Police spokesman STF Sri Lanka Drugs
By Hashini Oct 05, 2023 06:32 AM GMT
Hashini

Hashini

Report

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 'ඉමා' නැමති එම කාන්තාව ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයාගෙන තිබෙනවා.

තවද තොරතුරු අනාවරණය වී ඇත්තේ මීගමුව හා දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබීම වලට අදාළ ගිනි අවි ප්‍රවාහන කර ඇත්තේද ඇය විසිනි.

ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී එඩේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන ඉමා නැමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරියව රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. 

ReeCha