ගාල්ල බන්ධනාගාරයෙන් හමුවුණ දේ බලන්නකෝ - පොලිසියත් පුදුම වෙලා

Report

ඊයේ (3) සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ගාල්ල බන්ධනාගාරයේ A, B සිරමැදිරි හා C, D සිරමැදිරිවල අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව ඇත.

අදාල සෝදිසි කිරීමේදී ජංගම දුරකථන 19ක් හා සිම්පත් 11ක් සොයාගෙන ඇති අතර ඊට අමතරව හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට් 58 (පොලිතින් සමග බර ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 384) හා හෙරොයින් බවට සැක කළහැකි පැකට් 1 (ග්‍රෑම් 106 මිලිග්‍රෑම් 350යි)ක් සොයාගෙන ඇත.

මෙම දේපොළ බන්ධනාගාර අධිකාරීවරයා සිය භාරයට ගෙන ඇති අතර, බන්ධනාගාර මූලස්ථානයේ උපදෙස් අනුව කටයුතු කිරීමට නියමිත අතර මත්ද්‍රව්‍ය ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.