අනූ ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී දැලේ
විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟින් රේගු නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු විසින් රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඩුබායි සිට මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළට පිවිස මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විදේශීය නිශ්පාදිත දුම්වැටි 60,000ක් සමඟින් දුම්වැටි කාටුන් 300ක් ද මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස නීතිවිරෝධී දුම්වැටි ආනයනය, ජාවාරම් කිරිම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
