මාස 8ට විදෙස් සංචාරකයන් ලක්‍ෂ 16කට ආසන්න පිරිසක්

Report

අගෝස්තු මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 20.4%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 46,473ක් පැමිණ ඇති අතර, එය 23.4%ක වැඩිවීමකි.

වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක්

වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක්

තවද, එක්සත් රාජධානියෙන් 19,764ක්, ජර්මන් 12,500ක්, චීනයෙන් 12,294ක් සහ ප්‍රංශ ජාතිකයින් 10,495ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,566,523කි.

ඒ අතරින් සංචාරකයින් 325,595ක් ඉන්දියාවෙන්, 118,916ක් රුසියාවෙන් සහ 151,141ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල