"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තමන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලකුණු අවශ්‍ය නොවන බවත්, ලකුණු ලබාගැනීමට අවශ්‍ය වූයේ නම් ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී එය කළ හැකිව තිබූ බවත් ය.

බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (01) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ කෙතරම් බලවත් වුවද, ඕනෑම අවස්ථාවක රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, ජනතාවගේ පැත්තේ සිටිමින් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් නාමල් රාජ­පක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ;

“අපි නිර­න්ත­ර­යෙන් සාකච්ඡා කර­නවා. වෘත්තීය සමිති, සිවිල් සංවි­ධාන, සමාජ ක්‍රියාකා­රීන්, දේශ­පා­ලන පක්ෂ, වෙනත් පක්ෂ­වල දේශ­පා­ල­නය කරන අයත් මුණ ගැසෙ­නවා. මාලි­මාවේ අයත් අපිව මුණ­ගැ­සෙන්න එනවා. අපිත් ඒ අය හමු­වෙ­නවා. අපි අපේ දේශ­පා­ල­නය කර­නවා.

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ආණ්ඩුව මට කොච්චර චෝදනා කළත් අපි වෘත්තීය සමිති හම්බ වෙනවා. අපි වෘත්තීය සමිති හමු­වෙලා ආය­තන ආරක්ෂා කර­ගන්න කට­යුතු කර­නවා මිස ආය­තන විනාශ කරන්න සහ සේව­ක­යන් අමා­රුවේ දාන්න සාකච්ඡා කරන්නේ නැහැ.

අපි ප්‍රති­ප­ත්ති­ග­රුක දේශ­පා­ල­න­යක් කරන්නේ. රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා. මම හිරේ දාන­විට නිර්මා­ණය කළ ක්‍රම­වේ­දය, පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­සය දේශ­පා­ලන පළි­ගැ­නී­මක් නම් ඒ විදි­ය­ටම රනිල් වික්‍ර­ම­සිංහ මහතා හිරේ දාන­වි­ටත් දේශ­පා­ලන පළි­ගැ­නී­මක් වෙනවා. ඒ නිසා දේශ­පා­ලන පළිගැනීමට ලක්වෙන්නේ වෘත්තීය සමි­තිය ද රණ­වි­රුවෝ ද පුර­වැ­සි­යන් ද හිටපු ජනාධි­ප­ති­ව­ර­යෙක් ද දේශ­පා­ලන පක්ෂ කියන කාර­ණය අදාළ වන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරන ප්‍රති­ප­ත්තියේ අපි ඉන්නවා.

වසන්ත කරන්නාගොඩගේ පොතටත් එක්සත් රාජධානියෙන් වාරණයක්

වසන්ත කරන්නාගොඩගේ පොතටත් එක්සත් රාජධානියෙන් වාරණයක්

සන්ධාන ගොඩ­නැ­ඟීම, නාය­කයා කවුද යන්න සම්බ­න්ධ­යෙන් අද සාකච්ඡා කළ­යුතු නැහැ. මේ සිදු­වී­මක් පාදක කර­ගෙන නිර්මා­ණය වූ දේශ­පා­ලන බල­වේ­ග­යෙන් දැවැන්ත දෙයක් කරන්න පුළු­වන් කියා හිත­නවා නම් ඒක නොවෙයි සාර්ථක. මේ වෙලාවේ අපි විප­ක්ෂය ලෙස කළ­යුතු වන්නේ ජන­තා­වගේ පැත්තෙන් මර්ද­න­යට විරු­ද්ධව කට­යුතු කිරී­මයි. හිටපු නාවික හමු­දා­ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. ඊට විරු­ද්ධව කට­යුතු කළ දේශ­පා­ල­න­ඥ­යන්ට නඩු දාන්න අද ආණ්ඩුව කට­යුතු කර­ගෙන යනවා.

අනෙක් පැත්තෙන් ගොවියා, ධීව­රයා, පුර­වැ­සියා මර්ද­නය වෙනවා. ඒ නිසා මේකට විරු­ද්ධව අපි එකතු විය­යුතු වෙනවා. ඒ එක­තු­වීම අලුත් දේශ­පා­ලන පක්ෂ­යක් ගොඩ­නැ­ඟීම හෝ සන්ධා­න­ගත වීමක් නොවෙයි."

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ