ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සිය 74 වන සංවත්සරය අද (02) සමරනු ලබයි.
1951 වසරේ සැප්තැම්බර් 02 වන දින ආරම්භ කරන ලද ශ්‍රීලනිප, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛ පක්ෂයක් ලෙස වසර 74ක ගමන් මගක බලවත් බලපෑමක් එල්ල කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම වෙනුවෙන් පක්ෂයේ සංවත්සර උත්සවය අද පස්වරුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
මෙම උත්සවයට පක්ෂ නායකයින්, සාමාජිකයින්, සහායකයින් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වීමට නියමිත බවත්, එය පක්ෂයේ ඉතිහාසය, ජයග්‍රහණ සහ අනාගත ඉලක්ක සමරන උත්කර්ෂවත් උත්සවයක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
"මෙවර අපි 74 වන සංවත්සරය සමරන්නේ, පක්ෂ මුලස්ථානයේ. ඒ සඳහා අපි ආසන සංවිධායකවරු, ඒ වගේම පක්ෂයේ ක්‍රියාකාරීන් සඳහා අපි ආරාධනා කරලා තියෙනවා. මං හිතන්නේ පහුගිය කාලයේ දේශපාලනය ගැන කතා කරොත් සියලුම දේශපාලන පක්ෂ දැන් නැවත ප්‍රතිසංවිධානය කරමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි සංවත්සරයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම අපි දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම, ආසන බලමණ්ඩල සංවත්සරයෙන් පසුව ආරම්භ කරන්න සුදානම් වෙනවා."