නීතිවිරෝධී හක් බෙල්ලන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් තොගයක් නිවාස දෙකක ගබඩා කරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව සිදු කළ මෙම සෝදිසි කිරීමේදී, නෛතිකව අනුමත මිලිමීටර් 70 වටප්‍රමාණයේ සීමාව නොමැති හක් බෙල්ලන් සහිත උර 46ක් සොයාගැනීමට හැකිවී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 සහ 54 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.