ටීචර්ගේ ගාන මෙන්න - ලක්ෂ ගණනින් මුදල් ගරමින් නැටුම් ගුරුවරියක් නැටූ අලුත්ම වන්නම..මාට්ටු වෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lankan Schools
By Sewvandhi
ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මත ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ආචාර්යවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් දැනට ලැබී ඇති බවත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වංචා කොට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසනවා.
පැමිණිලි ලැබී තිබෙන බවද පොලීසිය පැවසුවේ 49 හැවිරිදි මෙම කාන්තාව සිසුවියන්ගේ මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ පහ, හය ආදී වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි.
